කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි සංචාරක හෝටල් සහ නවාතැන් සපයනු ලබන ස්ථාන සඳහා වන ගාස්තු සම්බන්ධයෙන් අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඔක්තෝම්බර් මස පළමුවැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

ඒ අනුව සංස්ථාපිත සහ නිදහස් ස්වාධීන සංචාරක හෝටල් කාමරයක් සදහා වන අවම මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති අතර තරු පහේ සංචාරක හෝටලයක් සදහා අමෙරිකානු ඩොලර් 100 ක මුදලක් ද, තරු හතරේ සංචාරක හෝටලයක් සදහා අමෙරිකානු ඩොලර් 75 ක මුදලක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අනුව තරු තුනේ සංචාරක හෝටලයක් සදහා අමෙරිකානු ඩොලර් 50 ක මුදලක් ද, තරු දෙකේ සංචාරක හෝටලයක් සඳහා අමෙරිකානු ඩොලර් 35 ක මුදලක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

මීට අමතරව නේවාසික අමුත්තන් සදහා වන ආහාර මිල ගණන් ද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content