හැටන් සිට කොළඹ දක්වා ධාවනය කිරීමට නියමිතව හැටන් ලංගම බස් නැවතුම්පොලේ ගාල්කර තිබූ බස් රථයක් ධාවනයෙන් ඉවත් කිරීමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අදාළ බස් රථය අද(22) පෙරවරුවේ හැටන් සිට කොළඹ දක්වා ධාවනය නියමිතව මගීන් සහිතව ගාල් කර තිබියදී පොලිසිය මෙම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස ධාවනයන් ඉවත් කරනු ලැබුවේ හැටන් ලංගම ඩිපෝවට අයත් NC-2022 දරණ බස් රථයයි.

එලෙස එම බස් රථය ධාවනයෙන් ඉවත් කිරීමට හේතු වී ඇත්තේ අදාළ බස් රථයේ ඉදිරිපස වම් පස ප්‍රධාන විදුරුව නොමැතිවීමයි.

WhatsApp Group

Skip to content