ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම අද සිදු කරනවා.

පසුගිය 23 වනදා තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුකළ අතර අධිකරණය නියෝගයක් හේතුවෙන් කොළඹ සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්ක දෙකෙහි තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණා.

නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත ප්‍රාදේශීය තැපල් අධිකාරිවරුන්ගේ අධීක්ෂණය යටතේ අද දිනයේ අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු භාරගැනීම සිදුවන බවයි.

ලබන 30 වනදාට පෙර තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු බෙදාහැර අවසන් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසා සිටියා.

WhatsApp Group

Skip to content