කොළඹ සහ තවත් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට දිවෙන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගංවතුර තත්වය මත ගැල වී යාම හේතුවෙන්.

මේ අතර ඇතැම් ප්‍රදේශ වල ජනතාව චෝදනා කළේ, නල මාර්ග ඔස්සේ අපිරිසිදු ජලය ලැබෙන බවයි.

ජල සම්පදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලැබෙනු ඇති බවයි.

WhatsApp Group

Skip to content