කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඇයගේ පෙම්වතා එළැඹෙන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුගිය ජනවාරි මස 17 වන දින කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතා විසින් පෙම්වතිය ඝාතනය කෙරුණා.

ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් අදාළ නියෝගය කර තිබෙනවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඝාතනය සිදුකළ අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම් පැළඳුම්, සැකකරුගේ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකි.

WhatsApp Group

Skip to content