මේ වන විට ඉදිකිරීම් අවසන් අදියරේ පවතින කොළඹ වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ග ව්යාපෘතියේ වරාය නගරය සහ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට අන්ත දෙකක් ඔස්සේ සිදුකරගෙන පැවැති ඉදිකිරීම් එකිනෙක යා කිරීමේ අවස්ථාවට ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදිකෙරෙන මෙම වරාය පිවිසුම් අධිවේගී ගුවන් මාර්ගය නිම වීමත් සමග සමාජ, ආර්ථික ප්රතිලාභ රැසක් රටට අත්වේ.
මෙරට විශේෂ සංචාරයකට එක්ව සිටින වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සමාගමේ (CCECC) සභාපති ලියු වෙයිමින් (Liu Weimin) මහතාද මෙම සුවිශේෂී අවස්ථාව සඳහා සහභාගි විය.
ප්රවාහන හා මහාමාර්ග අමාත්යංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, ව්යාපෘති අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

WhatsApp Group

Skip to content