කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළදාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීරණ මෙහෙයුම් සිදුකරගෙන යාම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

විෂ්‍යභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

තීරු බදු සහිත සිල්ලර වෙළද ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සදහා ආයෝජකයෙකු අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 05ක ආයෝජනයක් සිදුකළ යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

WhatsApp Group

Skip to content