කොළඹ වරාය ජාඇල දක්වා දීර්ඝ කිරීමට සැළසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දෙවනුව කොළඹ නගරයේ අක්කර 30 කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන්කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකා වානිජ මණ්ඩලය විසින් පවත්වන ලද 2022 ආර්ථික සමුලුව අමතමින්.

මෙම සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content