කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙළට කොරියානු රජය සහ කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය සහයෝගය ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
ඒ අනුව කොළඹ වරායේ පැළෑටි නිරෝධායන සේවාව ඊයේ (25) සිට පුළුල් කර ඇති අතර ඩොලර් මිලියන 1.3ක වියදමින් ඉදි කරන ලද නව පැළෑටි නිරෝධායන සේවා ගොඩනැගිල්ල ඊයේ (25 කොළඹ වරාය පරිශ්රයේ දී විවෘත කෙරිණි.
එමෙන්ම කොරියානු රජය නියෝජනය කරමින් ශ්රී ලංකාවේ කොරියානු තානාපතිනි Miyon Lee, KOICA ආයතනයේ උප සභාපති Mr. Lee Yunyong, KOICA ආයතනයේ මෙරට අධ්යක්ෂිකා Ms. Kim Miyungjin,ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
කොරියානු රජය 2019 සිට 2024 දක්වා පැළෑටි නිරෝධායන සේවාව නවීකරණය සඳහා වැඩසටහන් රැසක් ක්රියාත්මක කරනු ලැබීය. මෙම ව්යාපෘතිය සඳහා ඔවුන් වැය කර ඇති මුදල ඩොලර් මිලියන 7.5කි. ඒ යටතේ මෙම නව ගොඩනැගිල්ල ඉදි කරනු ලැබු අතර මෙ නව තාක්ෂණය යොදා ගනිමින් ආනයන සහ අපනයන පැළෑටි නිරෝධායනය සඳහා අවශ්ය පර්යේෂණ පහසුකම් හා රසායනාගාර පහසුකම් ස්ථාපිත කර තිබේ.
මෙහිදී අදහස් පළ කළ කොරියානු අන්තර් ජාතික සහයෝගිතා ඒජන්සියේ නියෝජිතයින් ශ්රී ලංකාවේ පැළෑටි නිරෝධායන සේවා පුළුල් කිරීම මෙන්ම ඊට අවශ්ය නව තාක්ෂණය යොදා ගැනීමට අවශ්ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය.

WhatsApp Group

Skip to content