කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා .

එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ නවීනතම දොඹකර 6 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන බවයි.

මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් සියයට 80 ක් පමණ අවසන් වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.

ඉදිකිරීම් සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 825 ක් බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පර්යන්තයේ බහාලුම් මෙහෙයුම් ධාරිතාව වාර්ෂිකව ලක්ෂ 20 ක් බව ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content