කොළඹ මහ රෝහල සහ කොළඹ ඇස්වාට්ටු සංකීර්ණය (වසර 30 කට පසු) මෙම වසර තුල ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම ප්‍රධාන අරමුණ කර ගනිමින්, නිදන්ගත රෝග මෙන්ම සර්වාංග රෝග හදුනා ගැනීම, ප්‍රතිකාර ලබා දීම, ඉදිරි ප්‍රතිකාර සේවාවන් සදහා රජයේ රෝහල් වල සායන සදහා යොමු කිරිම, අරමුණු කර ගනිමින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය සායන වැඩසටහනේ තවත් එක් වැඩසටහනක් පසුගියදා (15) පෙරවරුවේ ඇල්පිටිය කහදූව පූරාණ මූල මහා විහාරස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණි.

විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම “සුව උදාන” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායනාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධිරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේධ මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ධ දේහ දර්ශකය මැනීම, රුධිර පීඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය, වකුගඩු සායනය, බෝනොවන රෝග පිළිබද සායනය සහ චීන කටු චිකිත්සාව, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් ඇතුලු වෛද්‍ය සේවාවන් රැසක් සහ ඖෂධ නිකුත් කිරීම ද සිදු කෙරේ

මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පසුගිය දිනවල මෙම ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයට පසු රෝග පීඩා කටයුතු පිලිබද සොයා බලමින් අවශ්‍ය උපදෙස් ලබාදීමටත්, සෞඛ්‍ය සංරක්ෂණය ඇති කිරීමට මෙම ජංගම සෞඛ්‍ය සායනය ඉවහල් වන බවයි. මෙම ජංගම සායනය ගාල්ල දිස්ත්‍රික්කය පුරා ස්ථාන 15 ක පමණ මේ වන විට පත්වා තිබෙන බව ද පැවසීය.

WhatsApp Group

Skip to content