කොළඹ – මහනුවර මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බැලුම්මහර ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම අනතුරින් බස්රථයෙහි සිටි 13 දෙනකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content