කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ් අනුව 27 සහ 29 යන දිනවල මෙම දුම්රිය දෙක ධාවනය කිරීමට නියමිතයි. දුම්රිය දෙකම කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.30ට බදුල්ලා බලා ධාවනය කිරීමට නියමිත බවයි දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ.

මේ අතර 28 වැනිදා සහ 31 වැනිදා පෙරවරු 7.45ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content