කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ, හපුතලේ – බෙරගල අතර මාර්ගයට ගල් පෙරළීමෙන් මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

මේ වන විටත් ගල් පෙරළීමේ අවදානම පවතින බැවින් මාර්ගය භාවිතා කිරීමේදී විමසිල්ලෙන් සහ සුපරීක්ෂාකාරීව රිය පැදවිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය මහතා වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

WhatsApp Group

Skip to content