කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජලසැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව හෙට පස්වරු 5 සිට එළඹෙන ඉරිදා දින පෙරවරු 9 දක්වා කාලය තුළ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

අඹතලේ සැපයුමේ සිදු කරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු වන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content