අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 20ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද උදෑසන 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ, ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු මාර්ගවලටයි.

WhatsApp Group

Skip to content