කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා.

ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි.

ඒ අනුව අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවනු ඇති.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content