2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 20 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 123 ක්.

නායක මොහමඩ් නබී පන්දු 33 කින් ලකුණු 40 ක් සහ චමිදු වික්‍රමසිංහ ලකුණු 26 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මතීෂ පතිරණ හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 18 යි එක් පන්දුවක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 95 ක් පමණයි.
නායක තිසර පෙරේරා ලකුණු 30ක් රැස් කළා .

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, චමිදු වික්‍රමසිංහ ලකුණු 13 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

WhatsApp Group

Skip to content