කොළඹ නගරයේ වායු දූෂණ තත්වය තවදුරටත් අයහපත් වන බව කාලගුණ අංශ පවසනවා.

කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය 158 (පීඑම්2.5) ක් ලෙස දැක්වෙන බවත් එම දර්ශකය තව දුරටත් අයහපත් වුවහොත් දැඩි අවදානය යොමු කළ යුතු තත්ත්වයකට පත්වන බවත් අදාල බලධාරීන් පවසනවා.

කොළඹට අමතරව අකුරණ, යාපනය සහ මහනුවර යන නගරවල වායු දූෂණ තත්වය ද අයහපත් බව කාලගුණ අංශ වැඩිදුරටත් සඳහන් කරනවා.

WhatsApp Group

Skip to content