රජයේ අමාත්‍යංශ සහ ආයතන යටතේ පාලනය වන කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මහල් ගොඩනැගිලි කිහිපයක් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වනවා.

එලෙස අවදානමට ලක්ව ඇති මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 900කට වැඩි ප්‍රමාණයක් ඇති බවයි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිදු කරන ලද සමීක්ෂණයකදී අනාවරණ වී ඇත්තේ.

කොළඹ, තිඹිරිගස්යාය, කොළොන්නාව, රත්මලාන සහ මොරටුව යන ප්‍රාදේශීය ලේක්ම කොට්ඨාසවල මෙම මහල් නිවාස පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහ නගර සභාව, කම්කරු දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ ස්වාධිපත්‍ය කළමනාකාරණ අධිකාරිය යටතේ මෙම මහල් ගොඩනැගිලි පාලනය වනවා.

ඒ අනුව කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස ඒකක 420ක්, තිඹිරිගස්යායේ නිවාස ඒකක 120ක්, කොළොන්නාවේ නිවාස ඒකක 60ක්, රත්මලානේ නිවාස ඒකක 01ක් සහ මොරටුවේ නිවාස ඒකක 307ක් ලෙස කඩා වැටීමට ආසන්න තත්ත්වයේ පවතවින මහල් ගොඩනැගිලිවල පිහිටා ඇතැයි කොළඹ දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය පවසනවා.

ඉන් මොරටුවේ මහල් ගොඩනැගිලිවල නිවාස ඒකක 227ක් පාලනය වන්නේ ස්වාධිපත්‍ය කළමනාකරණ ඒකකය යටතේයි.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස රැසක් අබලන් තත්ත්යේ පවතින බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ද මෙම ගොඩනැගිලි භාවිතයට සුදුසු මට්ටමක නොමැති බව දැනුම්දී ඇති බවයි.

 

 

WhatsApp Group

Skip to content