කොළඹ අගනගර ආශ්රිත ඝණ අපද්රව්ය කලමනාකරණ ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බවත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බවත් කොළඹ අපද්රව්ය කලමනාකරණ ව්යාපෘතියේ අධ්යක්ෂ සරත් බණ්ඩාර මහතා පවසයි.
ව්යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ද මේ වන විට ක්රියාත්මකයි.
මෙම පෙරහුරු පරීක්ෂණ ආරම්භ කෙරුණේ පසුගිය 05 වන දා සිටයි.
දිනෙන් දින ඉහළ යන ඉහළ යන කොළඹ නාගරික ඝණ අපද්රව්ය බැහැර කිරීමේ ගැටලුව විසඳීමේ අරමුණින් පුත්තලම අරුවක්කාලු ප්රදේශයේ තිබූ හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වලවල් ආශ්රිතව සනීපාරක්ෂක කසල රදවනයක් සහ අපදියර ප්රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය වෙත පැවරී තිබිණි.
කැලණිය හා පුත්තලම කසල හුවමාරු මධ්යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් හා මාර්ග පද්ධතිය ඉදිකිරීම මේ යටතේ සිදු විය.

WhatsApp Group

Skip to content