කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ පළමු භාගයේදී සියයට හයයි දශම නවයක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

එහි අගය 231.1 ක් ලෙස සටහන් වූ අතර නේවාසික, වානිජ සහ කාර්මික යන අනු දර්ශක තුනම එහිදී වර්ධනය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි දත්ත ලබා ගෙන මෙම දර්ශකය සකස් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content