දිස්ත්‍රික්ක තුනක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙලෙස කහ වර්ණයෙන් යුතු පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ කොළඹ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රදේශයටත් අදාළව එම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැළියගොඩ ප්‍රදේශ සඳහා ද මෙම කහ පැවති වර්ණයෙන් යුතු නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content