කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා බලප්‍රදේශ සහ මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා බලප්‍රදේශ සදහා එලෙස ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

මීට අමතරව මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකරන බවයි ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content