කොළඔ වරාය නගරයේ ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් ගිවිසුම්ගතවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය සති 4 ක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වුණා.

ක්‍රියාකාරී මට්ටමේ පවතින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එහි ගිවිසුම් ගත වීම් සම්බන්ධයෙන් ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණා.

එහිදි අනාවරණ වුණේ අදාල සමාගම් ගිවිසුම් ගත වීම කිසිදු නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදුව නොමැති බවයි.

ඒ අනුවයි සති 4 ක් ඇතුළත මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය කාරක සභාව වෙත දැනුම් දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව නිර්දේශ කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content