යාපනය, තෙලිප්පලෙයි – කටුවන්පුලම් ප්‍රදේශයේ දී පාසල් සිසුවෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ ඔහුගේ නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේදීයි.

කොහොඹ අතු විදුලි රැහැනක ගැටීම හේතුවෙන් මෙලෙස සිසුවාට විදුලිසැර වැදී ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ 18 හැවිරිදි එස්. මදුෂන් නැමති පාසල් සිසුවෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

WhatsApp Group

Skip to content