කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අදාළ මාර්ගයේ ගමනාගමන කරටයුතු අද සිට අගෝස්තු 15 දක්වා සීමා කෙරෙන බවයි.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content