කොහුවල මංසන්ධියේ අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස ඇරඹි ගුවන් පාලමේ ඉදිකිරීම් මේ වනවිට අතරමග නතර වී තිබෙනවා.

රියැදුරන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් ගුවන් පාලම ඉදිකිරීමට පෙර පැවැති රථ වාහන තදබදයට වැඩි තදබදයක් මේ වනවිට පවතින බවයි.

හංගේරියානු රජයේ ආධාර යටතේ යුරෝ මිලියන 11ක්, එනම් රුපියල් මිලියන 2640ක වියදමින් කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ 2021 වසරේ ජුනි මස 07 වැනිදායි.

ඒ, මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ ව්‍යාපෘති අංශයේ අධීක්ෂණය යටතේයි

WhatsApp Group

Skip to content