කොස්ගොඩ වතුරවෙල ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක පිහිටි අඩි 22 ක් පමණ ගැඹුරු ළිඳක් ඉසිමින් සිටි දෙදෙනෙක් ලිඳ තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ක්ලාන්ත තත්වයෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ ඇල්පිටියේ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකු බවයි කොස්ගොඩ පොලීසිය සඳහන් කලේ.

රාත්‍රියේ වැසි ඇතිවන බව කාළගුණ නිවේදන මගින් ප්‍රකාශකර තිබූ නිසා වැස්සෙන් ළිඳ පිරුනොත් ලිඳ ඉස පිරිසිදු කර ගැනීම අපහසුවෙන බැවින් වැඩපොළ හිමියා සේවකයන්ද සමග ඊයේ සවස මෝටරයක් යොදා ළිඳේ තිබූ ජලය ඉවත්කර කිරීමේදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

WhatsApp Group

Skip to content