සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්‍යාජ යුධහමුදා නිල හැඳුනුම්පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් සහ මුදලින් රුපියල් කෝටියක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අඹතලේ සේදවත්ත මාර්ගයේ නව කැලණි ගුවන් පාලම යටදී සිදු කරන ලද වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කළ බවයි.

එහි දී සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිළධාරීන් සේදවත්ත, තොටළඟ ප්‍රදේශයේ යතුරුපැදි සංචාර යෙදීසිටියදී සැකකටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂාවට ලක් කර තිබෙනවා.

එහිදී එහි සිටි එක් පුද්ගලයකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 07යි මිලි ග්‍රෑම් 370 ක් සහ ප්ලාස්ටික් පිස්තෝල අවියක්, විශේෂ බලකායේ නිළ ලංජනය සහිත සැකකරුගේ මුලකුරු සමග නම, ලේ වර්ගය සඳහන් කර ඇති සුදු පැහැති තහඩු කැබැල්ලක් අමුණා ඇති මාලයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

එසේම අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී ව්‍යාජ හැඳුනුම්පත් ජායාරූප හා විවිධ ආරක්ෂක අංශයන්හි නිළ ඇඳුමින් ඇති ජායාරූප සඳහා එම පුද්ගලයාගේ මුහුණ ඇතුලත් කර තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිමේදී ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමට සුදානම්න් සිටින බවත් එම රථයේ විශාල මුදල් ප්‍රමාණයක් හා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරනු ලබන බවටත් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

එම තොරතුරුවලට අනුව තොටළඟ නාගලගම් වීදියේදී ත්‍රිරෝද රථයකින් රියදුරු සමග කාන්තාවක් පැමිණ ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ඇය සහ ත්‍රිරෝද රථය පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

එම කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06යි මිලි ග්‍රෑම් 497 ක් හා රුපියල් කෝටියකට ආසන්න මුදල් සමග ඉහත සඳහන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මොවුන් වයස අවුරුදු 26 – 43 අතර වයසේ පසුවන කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14 සහ රත්මලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට තොරතුරු අණාවරණය වී ඇති බවද පොලිස් විශේෂ කාර්ය බලකාය කියා සිටියා.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, අධ්‍යක්ෂ විශේෂ අවි හා උපක්‍රම/සංග්‍රාමික යතුරුපැදි ඒකකයේ පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව ෘ කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content