කොරෝනා වසංගතයෙන් පසු ප්‍රථම වරට චීන සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

ගුවන්තොටුපල අප වාර්තාකරැ පැවසුවේ ඊයේ රාත්‍රියේ චීනයේ ෂැන්හයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් මෙම සංචාරකයින් පිරිස දිවයිනට පැමිණි බවයි.

181 දෙනෙකුගෙන් සමන්විත මෙම චීන සංචාරකින් පිරිස දින 07ක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතයි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි චීන සංචාරකයින් පිළිගැනීම සදහා විදේශ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා ගුවන්තොටුපලට පැමිණ සිටියා.

WhatsApp Group

Skip to content