ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රුකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රුකියා ලබාදෙන බව පවසා මුදල් ලබා, අයදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ  පේරාදෙණිය upcountry Manpower ආයතනයේ හිමිකරු  අත්තඩංගුවට  ගෙන තිබෙනවා.

ඒ පේරාදෙණිය  ගැටබෙ ප්‍රදේශයේ බදවා ගැනීම් සිදුකිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට ලැබුණ තොරතුරන් මතයි.

වැටලීම සිදු කරන අවස්ථාවේ රැකියා ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි බව වාර්තාවුණා.

එම ස්ථානයේ තිබි විදේශ ගමන් බලපත්‍ර 275 ක් , රැකියා අයදුම්පත් හා පොලිස් වාර්තා ඇතුළත් ලිපිගොනු 615 ක් , විදේශ ගමන්  බලපත්‍ර භාරගැනීමේ  ලේඛනයක්, කොරියානු භාෂාවෙන් සඳහන් අයදුම්පත් ඇති ලිපිගොනු. කොරියාවේ රුකියා ඇබෑර්තූ ඇති බව සඳහන් බැනරයක් , ඇතුළු ලේඛණ රැසක් සොයා ගෙන තිබෙනවා.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීිර ඇප 2ක් මත මුදාහැර තිබෙනවා.

යළි නඩු විභාගය ලබන මස පළමු දින කැඳවීමටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම වංචාවට පුද්ගලයින් 3000 ක් පමණ පිරිසක් හසුවී ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙවනු ලබනවා.

WhatsApp Group

Skip to content