කොරියාවේ සෝල් අගනගරයට ආසන්න ප්‍රදේශයකදී තරුණයෙකු විසින් මාර්ගයේ ගමන්කරමින් සිටි පිරිසක් සිය මෝටර් රථයෙන් යට කර පසුව ඔවුන්ට තියුණු ආයුධයකින් පහර දී ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීමෙන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මීට සති කිහිපයකට පෙර ද එරටින් තියුණු ආයුධවලින් පහරදීම් කිහිපයක් වාර්තා වුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ සෝල් අගනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 20 හැවිරිදි වියේ පසුවන මානසික රෝගයකින් පෙළෙන භාණ්ඩ ප්‍රවාහන රැකියාවක නිරතවන පුද්ගලයෙකු බවයි.

WhatsApp Group

Skip to content