කොරියානු භාෂා විභාගය සදහා මෙවර වාර්තාගත අයදුම්කරුවන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය සදහන් කළේ කොරියානු භාෂා විභාගය සදහා අයදුම්කරුවන් 85000ක් පමණ ඉදිරිපත්ව ඇති බවයි.

එම විභාගය සදහා පසුගිය වසරේ ඉදිරිපත්ව ඇත්තේ අයදුම්කරුවන් තිස්එක්දහසකට ආසන්න පිරිසක්.

මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකියින් සදහා විභාග ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර මේ වන විට දහතුන්දහසක් පමණ අයදුම්පත් නිකුත් කර තිබෙනවා.

කොරියානු භාෂා විභාගය මාර්තු 13වනදා ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content