කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැත්වුණු මෙම විභාගය සදහා අයදුම්කරුවන් 3,580 ක් පෙනී සිටියා.

ඒ අතරින් අයදුම්කරුවන් 3,422 ක් සමත්ව ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

එය විභාගයට මුහුණ දුන් සමස්ත සංඛ්‍යාවෙන් සියයට 95.6ක් අගයක් වනවා.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල ලබන 27 වනදා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියේ පළකරනු ඇති.

ඒ අනුව විභාගය සමත් අයදුම්කරුවන් සදහා වෛද්‍ය පරීක්ෂණ ලබන 28 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content