දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ ඊයේ සිට රිය සහයකයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් බස්රථවල ආදායම ඊයේ දිනයේ පමණක් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මාකුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන බස්රථවල මෙලෙස රිය සහයකයන් නොමැතිව බස් ධාවනය ආරම්භ කර තිබෙනවා.

එම බස්රථවල රිය සහයකයින් මගින්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වීමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content