සංචාරක බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුළු 6න් ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන් ඊයේ සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 පහල කණ්ඩායම පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 223ක්.

එහිදී නේතන් සීලි ලකුණු 75ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ගරුක සංකේත් ලකුණු 48 කඩුළු 5ක් සහ දිනුර කළුපහන ලකුණු 45ට කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස අවරුදු 19න් පහල කණ්ඩායම පන්දුවාර 43යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 224ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

එහිදී රවිශාන් නෙත්සර ලකුණු 65ක්, සුපුන් වඩුගේ ලකුණු 56ක් සහ දිනුර කළුපහන නොදැවී ලකුණු 52ක් රැස් කිරීමයි සමත් වුණේ.
පන්දු යැවීමේදී නේතන් එඩ්වඩ් ලකුණු 43ට කඩුළු 3ක් බිඳ හෙළීමට සමත් වුණා.

 

WhatsApp Group

Skip to content