2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද පැවති තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වූ අතර ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවි ලකුණු 218 ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 219 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 16 යි පන්දු 02 කදී සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

WhatsApp Group

Skip to content