එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහි තරගය කඩුලු 08කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පළමුවන් පන්දුවට පහරදුන් කෙදෙව්වන් පන්දුවාර 48 යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 243ක් රැස් කළා.

පන්දු යැවිමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් බිද හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 44යි පන්දු දෙකක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 244 ක් ලබා තරගය ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල සදහා ලකුණු 192ක සබදතාවක් ගොඩනැගුවා.

පැතුම් නිශ්ශංක ලකුණු 103ක් රැස් කළා. පැතුම්ගේ ඉනිම හතරේ පහර 14කින් වර්ණවත් වුණා.

දිමුත් කරුණාරත්න ලකුණු 83ක් ලබා ගත්තා.

WhatsApp Group

Skip to content