කොට්ටාව ආනන්ද විද්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා (23) සිදු කෙරිණි.
වර්තමාන සිසු පරම්පරාව මුහුණ දෙන නව දැනුම හා නව තාක්ෂණය උපයෝගී කර ගැනීමෙ අභියෝග වෙත පිවිසිම හරහා දරුවන්ට අනාගතයට ගමන් කළ හැකි මාර්ගය ශක්තිමත් කර දීම අවශ්ය බවත්, විදේශ රටවලින් ලැබෙන ආධාර, තාක්ෂණික දැනුම, විවිධාකාර පුහුණු පාඨමාලා උපයෝගී කරගත් ගුරු පරම්පරාවක් ඉදිරියට සකස් කිරීමේ අවශ්යතාවයට ආණ්ඩුව කැපවී සිටින බවත් අවධාරණය කළේ ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්යවරයා,
“පවතින පාසල් සංඛ්යාව හොඳින් ගොඩ නැගෙනවා. හොඳින් මෙහෙය වෙනවා. නමුත් අවසාන පන්ති කාමරය දක්වා ඒ හා සමානව අපේ දරුවන් සම්පත් වලින් යුතුව ගමන් කරවීමේ ඕනෑකමට අපේ අධ්යාපනය ක්රමයේ වැය ශීර්ෂයන් සකස් විය යුතුයි. අපේ දරුවන්ට ලබා දිය හැකි උතුම්ම දායාදය වූ අධ්යාපනය අඛණ්ඩව ඇති කරගෙන යාමට පුළුවන්කම හා දෙමාපියන් හැටියටත්, පාසලක් හැටියටත් ඒ සන්තෘෂ්ටිය ඇතිකර ගැනීමට හැකිවන්නේ එසේ වුවහොත් පමණයි.”

WhatsApp Group

Skip to content