නිදහස් දිනය හේතුවෙන් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදු කරන කාලය සීමා කර තිබෙනවා.

ඒ අනුව උදෑසන 10 සිට දහවල් 12 දක්වා පමණක් කොළඹ කොටස් හුවමාරුව විවෘතව තැබෙනු ඇති.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ නිමාවන විට ඒකක 9000 ඉක්මවා තිබුනා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට 9022.38ක් ලෙසයි වාර්තා වුනේ.

පසුගිය වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.

WhatsApp Group

Skip to content