ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දක්වා මාර්ගයේ ඇඹිලිපිටිය නවනගරයට ආසන්නයේ පිහිටා ඇති හුලංදා ඔය හරහා වැටී ඇති පාලම කඩා වැටී තිබෙනවා.

වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ අද අලුයම් කාලයේදී පාලම මතින් කොටන් පැටවූ ලොරියක් ධාවනය වෙමින් තිබියදී එයද සමගින් පාලම කඩා වැටී ඇති බවයි.

පාලම කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් ලොරියේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

ඒ අනුව ඇඹිලිපිටිය – මිද්දෙණිය, තෝරකෝලයාය හරහා මාර්ගය භාවිත කරන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.

WhatsApp Group

Skip to content