කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 294ක් සන්තකයේ තබාගෙන සිටි පිලිපීන ජාතිකයෙකු නාරාහේන්පිට ලැගුම්හලකදී අත්අඩංගු ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර පිලිපීස ජාතිකයාගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට පැමිණි කිරුළපන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 07ක් සහ ඔහු පැමිණි මෝටර් රථයද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පිලිපීන ජාතිකයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර, අනෙක් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content