මුලතිව් කොක්කුතුඩුවායී සමුහ මිනීවලේ කැණීම් කටයුතුවලදී තවත් මිනිස් ඇට සැකිලි පහක් හමුව තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම සමූහ මිනිවලෙන් සොයා ගත් සමස්ත මිනිස් ඇට සැකිලි සංඛ්‍යාව 52ක්.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන් මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව සමූහ මිනී වලේ කැණීම් කටයුතු සදහා ස්කෑන් යන්ත්‍ර හා වෙනත් නවීන උපකරණ භාවිත කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
එම උපකරණ මගින් සිදුකල පරීක්ෂණ වල ප්‍රතිපලයක් ලෙස මෙම සමුහ මිනීවලේ මීටර් 250ක් දුරට තවත් මිනිස් ඇට සැකිලි විශාල ප්‍රමාණයක් ඇති බවයි තහවුරු වී ඇත්තේ.

එම මිනිස් ඇට සැකිලි වලින් විශාල සංඛ්‍යාවක් අලුතෙන් ඉදි කළ මුලතිව් – කෝකිලායි ප්‍රධාන මාර්ගයට යටින් පිහිටා තිබීම හේතුවෙන් ඉදිරියේදී එම මාර්ගය කඩා කැණීම් කටයුතු ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content