ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කොඇමොක්සික්ලෙව් ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන්නේ.

කොඇමොක්සි ක්ලෙව් ඖෂධය ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වනවා.

එය ළමා රෝගවල දී පළමු පෙළ ඖෂධයක් ලෙසයි භාවිතා කරනු ලබන්නේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බව වාර්තා වුණා.

මෙම ඖෂධය නිෂ්පාදනය කරනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටින් මෙම ඖෂධය ගැන පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බව සඳහන්.

මේ අතර ඊයේ පර්ලිම්නේතුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිගය සම්බන්ධයෙන් අදහස් පල කළා .

https://www.vnews.lk/storage/2023/08/SAJITH-PREMADASA-EDIT-.mp3?_=1

 

WhatsApp Group

Skip to content