පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ කඳු දෙකක් අතර සවිකර තිබූ කේබල් රථයක සිරවී සිටි සියලු පුද්ගලයන් බේරා ගැනීමට කටයුතු කර තිබෙනවා.

පොලවේ සිට අඩි 1,200ක් පමණ ඉහළින් පිහිටි කේබලක් කඩාවැටීමෙන් පසු මෙම කේබල් රථය සිර වූ අතර, ඒ හේතුවෙන් පැය ගණනාවක් එහි සිටි පාසල් සිසුන් 6 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 08 දෙනෙකුගෙන් සමන්විත පිරිස සිරවී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

දැඩි සුලං තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම පිරිස බේරා ගැනීම ප්‍රමාද වූ අතර, පසුව දැඩි පරිශ්‍රමයකින් පසු මෙම පිරිස බේරා ගැනීමට පාකිස්තාන හමුදාව කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content