සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිසකගේ අවදානය යොමුව තිබෙනවා . ඒ, එම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අරඹා ඇති සටන හේතුවෙන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව එළැඹෙන 6,7 සහ 8 යන දිනවල විවාදයට ගැනීමට පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කෙරුණා. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එළැඹෙන 08 වනදා පස්වරු 5.30ට පැවැත්වීමට නියමිතයි .

කෙසේවෙතත් මෙම යෝජනාව ජයග්‍රහණය කරවීම සඳහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ එක්ව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පවසනවා. පවතින තත්ත්වය තුළ විශ්වාසභංගය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මෙහෙයවීමට ආණ්ඩුව මේ වන විට විශේෂ කමිටුවක් ද පත්කර තිබෙනවා .

එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට මෙම සතිය තුළ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සදහන් .

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා.

https://www.vnews.lk/storage/2023/09/HECTER-APPUHAMI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content