බන්ධනාගාර ගතව සිටින හිටපු සවුක්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සමිපතමයින්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත රක්ෂණ ඔප්පු 3ක් මාස 3කට අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගෙන අධිකරනය හමුවට ඉදිරිපත් කර තිබුනා.

ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content