සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම අමාත්‍ය ධුරය ඉවත් කර කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා.

එසේම තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේද අමාත්‍ය අමාත්‍යංශය වෙනස් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසින් අද පෙරවරුවේ දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේ.

එසේම මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම්දී ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා වැලිකර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content