ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඇතුළු ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුව ඊයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ හිටපු සවුඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා එළඹෙන 29 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කර න ලෙසයි.

කෙසේවෙතත් විත්තියේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේ සිය සේවාදායකයින් දරුණු මානසික රෝග, හෘද රෝග, පිළිකා රෝග, සහ කායික රෝග තත්ත්වයන්ගෙන් පසුවන බවයි. එබැවින් ඊට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හැකි ඉක්මනින් ලබා දිය යුතු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව ඊට අදාළ ඉල්ලිම් මෝසමක් හරහා දැනුම් දෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content